ශ්‍රීලනිපය ජාතික සභාවට එක්වන්නේ නැහැ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
28

ශ්‍රීලනිපය ජාතික සභාවට එක්වන්නේ නැහැ

ශ්‍රීලනිපය ජාතික සභාවට එක්වන්නේ නැහැ

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට එක්නොවන බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

 

ජනාධිපතිවරයා ජාතික සභාව පත් කළ යුතුව තිබුණේ අගමැතිවරයා හා ඇමති මණ්ඩලය පත්කිරීමට පෙර බවත්, මුලින් ජාතික සභාව පත්කර ඉන් අනතුරුව එය හා සාකච්ඡා කර අදාළ පත්කිරීම් කළ යුතුව තිබූ බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

නමුත් ජනාධිපතිවරයා විශාල කැබිනට් මණ්ඩලයක් ද පත්කිරීමෙන් පසු ජාතික සභාවක් ඇතිකිරීමට යන බවත්, එවැනි වැඩපිළිවෙලකට දායක විය නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.

 

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

views

224 Views

Comments

arrow-up