කාලය වෙන් නොකිරීම ගැන ඩලස් කණගාටුවෙන්

පාර්ලිමේන්තුවේ ස්වාධීන වී සිටින තම කණ්ඩායමට පාර්ලිමේන්තුව තුළ කතා කිරීම සඳහා කාලය වෙන් නොකිරීම පිළිබඳව කනගාටුව පළකරන බව ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඊට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ (21) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කර ඇත.
එහි දී ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ තම කණ්ඩායම පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සහ කණ්ඩායම් අතරින් තුන්වෙනියට විශාල කණ්ඩායම බවත් විපක්ෂයේ දෙවැනි විශාලතම කණ්ඩායම බවත් තමන්ට කතා කිරීම සඳහා විනාඩියක කාලයක් වත් වෙන් කර නොමැති බැවින් පාලකයන් සමග සාධාරණ කෝපයක් පවතින බවයි.
254 Views
Comments