SEP
18
ඕනෑම මැතිවරණයකට උත්තර ලංකා සභාගය යටතේ තරඟ කරනවා - විමල් වීරවංශ

ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා උත්තර ලංකා සභාගය යටතේ තරඟ කරන බව එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.
උත්තර ලංකා සභාගයේ පළමු විධායක සභා රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
උත්තර ලංකා සභාගයේ පළමු විධායක සභා රැස්වීම ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (18) පැවැත්වුණි.
271 Views
Comments