ඊලඟ නායකත්වයට රාජපක්ෂ පවුලේ ගැටුම්, නාමල් එළියට - ඊලඟ සැලසුම ගැන රාජපක්ෂ ඥාතියා කල හෙළිදරව්ව

රාජපක්ෂලාගේ දේශපාලනය අවසන් වීමට වීමට නම් ප්‍රබල නායකත්වයක් විරුද්ධ පාර්ශවයේ තිබිය යුතු බවත් ඒ සඳහා ප්‍රබල කණ්ඩායමක් විපක්ෂයේ සිටිය යුතු බවත් යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා.
රාජපක්ෂලා විසිවෙන්න නම් ඊට වඩා ප්‍රබල වෙන බලවේගයක් තිබිය යුතු බවත් රාජපක්ෂ පවුලෙන් ජාතික නායකත්වයට පැමිණීමට ඉන්නේ තවත් දෙදෙනෙකු බවත් පෙන්වා දෙන වීරතුංග ඒ නාමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ පමණක් බවත් කියා සිටියා.
අද දේශපාලනයේ සිටින පුද්ගලයා බැසිල් රාජපක්ෂ බවත් මහින්ද රාජපක්ෂ වගේ ලොකු හදවතක් නැතත් බැසිල්ට තැනක් තියෙන බවත් ඔහු සඳහන් කරනවා.
“ඔහු මේක අත ඇරියොත් රාජපක්ෂවරුන්ට බලයට එන්න තව සෑහෙන කාලයක් යනවා’ ඔහු අතඇරියේ නැත්නම් රාජපක්ෂ බලය එනවා කියලත් මම විශ්වාස කරනවා’ නාමල් විශ්වාස කරනවා ඔහුට ඉක්මනට එන්න පුළුවන් කියලා’ නමුත් ඊළඟ සැරේ බැසිල් ඒ තනතුරට ඉල්ලනව නම් තමුන්ගේ පුතා වුණත් මහින්ද රාජපක්ෂ ඔහුව අනුමත කරනවා නාමල් වෙනුවට’ හැබැයි බැසිල් රාජපක්ෂ තවදුරටත් දේශපාලනයේ ප්‍රධාන තනතුරට එන්නෙ නැත්නම් අප වෙනුවෙන් ද මේ සටන කරන්නේ කියන තැනදි ඔහු සටන් කරන්නේ නෑ නාමල් වෙනුවෙන්’ මහින්ද ඒ තනතුරට එන්නේ නෑ’ චමල් එන්නෙත් නෑ’ ගෝඨාභයට බැසිල් ඒ සටන කොහොමවත් කරන්නේ නෑ’ මොකද ගෝඨාභය බැසිල්ට කරපුව මහින්ද අයියට කරපුවටත් වඩා අසාධාරණයි’” යැයි උදයංග වීරතුංග පුවත්පතකට අදහස් පළ කරමින් සඳහන් කර තිබෙනවා.
276 Views
Comments