රංජිත් සියඹලාපිටියට වැඩබලන අමාත්‍ය ධූරයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

රංජිත් සියඹලාපිටියට වැඩබලන අමාත්‍ය ධූරයක්

රංජිත් සියඹලාපිටියට වැඩබලන අමාත්‍ය ධූරයක්

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රංජිත් සියඹලාපිටිය මහතාට වැඩබලන අමාත්‍ය ධූරයක් ලබාදී තිබේ.

 

ඒ අනුව රංජිත් සියඹලාපිටිය මහතාව පත් කර ඇත්තේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන අමාත්‍යවරයා ලෙසයි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

 

ඒ එම අමාත්‍ය ධුරයන් දරණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනි එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් ඇති බැවිනි.

 

ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්වීම වලංගු වේ.

 

එසේ ම දිලුම් අමුණුගම මහතාව වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

 

views

282 Views

Comments

arrow-up