ඇමති ධූර ලබාගත් හයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවතට

වර්තමාන ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සියලු දෙනා මෙතෙක් දැරූ සියලු තනතුරුවලින් ඉවත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනය කරයි.
ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීන්දුවට එරෙහිව යමින් කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම් දෙයි.
ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක යන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් සහ පක්ෂයේ මෙතෙක් දැරූ සියලු තනතුරුවලින් ඉවත් කර තිබේ.
243 Views
Comments