ගණිකා වෘර්තිය රෑට විතරක් නෙවෙයි දවල්ටත් කරන්න ඕන

රාත්‍රී ආර්ථිකය යනු රාත්‍රියට ජනතාව එලියට ගොස් විනෝද වීමත් එමගින් රජයට මුදල් ඉපයීමත් බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.
රාත්‍රී ආර්ථිකයත් නැති ලොව කිසිම රටක් දියුණු රටක් නොවන බවද ඇය සඳහන් කරයි.
දවල් කාලයේ පුරා ජනතාව උපයන දේ වියදම් කරන්න වෙලාවක් තැනක් නැතිනම් රටකට දියුනු වෙන්න නොහැකි බවද ඇමතිනිය පෙන්වා දෙයි.
සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ රාත්‍රී දහයට පසු කාමරයට ගොස් නිදා ගන්නට නොවන බවත් ඔවුනට මුදල් වියදම් කරන්නට රාත්‍රියේ සංස්කෘතියක් රට තුළ ඇති කළ යුතු බවත් ඇය සඳහන් කරන්නීය.
රාත්‍රී ආර්ථිකය යනු ගණිකා වෘත්තිය නොවන බවද පැවසූ අය ගණිකා වෘත්තිය යනු රෑට පමණක් කරන දෙයක් නොව දවස තිස්සේම කරන දෙයක් බව තවදුරටත් කියා සිටියාය.
268 Views
Comments