22ට සහාය දෙන්න බෑ. පොහොට්ටුව ජනපතිට කියයි.

අද (20) දිනයේ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහය ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
ඊයේ (19) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සිදු කළ සාකච්ඡාවක දී ඔවුන් මේ බව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
කෙසේ නමුත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දී කාරක සභා අවස්ථාවේ දී කැමති සංශෝධනයක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (20) සහ හෙට (21) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.
198 Views
Comments