බෙදෙන් නැතුව එක් වෙමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
13

බෙදෙන් නැතුව එක් වෙමු

බෙදෙන් නැතුව එක් වෙමු

 

ලංකාව නැවත ගොඩගැනීමට යන ගමනේදී කිසිවෙකු ඉවත්කර හෝ ඈත්කර තැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

 

සියලු දේශපාලන පක්ෂ ඒකරාශි කරගෙන ජාතික ප්‍රතිපත්තියක් හරහා රට ඉදිරියට ගෙන ගියහොත් පහසුවෙන්ම ආර්ථික අර්බුදය ජයගැනීමට හැකියාව තිබෙන බවයි ඔහු කියන්නේ.

 

රටට නැවත නැගී සිටිය හැකි වාතාවරණයක් උදාකර ගැනීමට නම් බෙදී වෙන් නොවී, අසමගිය දුරලා එක්සත්ව වගකීමෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුගේම වගකීමක් හා යුතුකමක් බව එජාප මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

views

151 Views

Comments

arrow-up