ඇමතිකමක් නැති දුකට ගීතා ලෙඩවෙයි - වෛද්‍ය ප්‍රතිකාරත් අරන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
13

ඇමතිකමක් නැති දුකට ගීතා ලෙඩවෙයි - වෛද්‍ය ප්‍රතිකාරත් අරන්

ඇමතිකමක් නැති දුකට ගීතා ලෙඩවෙයි - වෛද්‍ය ප්‍රතිකාරත් අරන්

තමන් හට ඇමතිධූරයක් නොමැතිවීම හේතුවෙන් ඒ ගැන කල්පනා කළ නිසා ආතතිය සෑදුන බවත් ඊට ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසා තිබේ.

 

ඇය ඒ බව සඳහන් කර තිබෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදීය.

 

තමාටෙ ආණ්ඩුවෙන් රාජ්‍ය අමාත්‍ය තනතුරක් හෝ ලබා නොදීම පිළිබඳව ඇය ඉතා කණගාටුවෙන් එම අවස්ථාවේදී අදහස් පළ කර තිබේ.

 

ඒකාබද්ධ විපක්ෂයේ සිටි පනස් තුන් දෙනාගෙන් පනස් දෙනෙකුටම ඇමතිකම් ලැබී තිබෙන බවත් තමන්ට විතරක් ඇමතිකමක් ලැබී නොමැති බවත් පැවසූ ඇය එය තමනට කරන ලද විශාල අසාධාරණයක් බවද සඳහන් කර ඇත.

 

ඇගේ දුක් ගැනවිල්ලට කිසිවකුගෙන් ප්‍රතිචාරයක් නොලැබී ඇති අතර රැස්වීම අවසන් වන්නටත් පෙර ඇය එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි වාර්තාවේ.

views

796 Views

Comments

arrow-up