NOV
11
සතොස වෙළෙඳ සැල් 300කට අලුතෙන් මත්පැන් බලපත්‍ර

දිවයින පුරා සතොස වෙළෙඳ සැල් 300කට පමණ මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛාණ්ඩය සපුරා ඇති සියලු සතොස වෙළෙඳ සැල් සඳහා කඩිනමින් මත්පැන් බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතින බවයි.
කෙසේ වෙතත් මත්පැන් බලපත්‍ර ඉල්ලුම් කළ ඇතැම් සතොස ආයතන අදාළ සුදුසුකම් සපුරා නොතිබීම හා මහජන විරෝධතා හේතුවෙන් මෙම බලපත්‍ර නිකුත් කිරීමේදී ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.
196 Views
Comments