මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
02

මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා

මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා

 

අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා"යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

මෙි වන විට පළාත් පාලන මැතිවරණය පවත්වන්න සූදානම් විය යුතු යැයිද මැතිවරණ  කොමිසමේ නිලධාරීනුත් ඩබල් ගේම් දැයි  සැකයක් තිබෙන බවද නලින් බණ්ඩාර මහතා කීය.

 

මැතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට පැහැදිලිවම බලය තියෙන බවද බලතල තියෙන්නේ ක්‍රියාත්මක කරන්න මිස කඩුව මැද මැද එහාට මෙහාට ගිහින් ප්‍රවෘත්ති සාකච්ඡා තියන්න නොවේ යැයිද නලින් බණ්ඩාර මහතා පැවසීය.

 

ජනාධිපති දෙන නියෝග අනුව නොව මැතිවරණ කොමිසමේ බලතල අනුව ක්‍රියාත්මක වෙන්නැයි ඉල්ලා සිටින බවද නලින් බණ්ඩාර මහතා කීය.

views

220 Views

Comments

arrow-up