දූෂිත දේශපාලන සූදුවට කිසිදිනක සම්බන්ධ වෙන්නෑ - සජිත් ප්‍රේමදාස
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

දූෂිත දේශපාලන සූදුවට කිසිදිනක සම්බන්ධ වෙන්නෑ - සජිත් ප්‍රේමදාස

දූෂිත දේශපාලන සූදුවට කිසිදිනක සම්බන්ධ වෙන්නෑ - සජිත් ප්‍රේමදාස

පෞද්ගලික හිතමිතුරුකම්වලට මැති ඇමතිකම් බෙදා ගැනීමේ දූෂිත දේශපාලන සූදුවට කිසිදිනක සම්බන්ධ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

අගමැතිකම සඳහා තමාට ද ආරාධනා ලැබුණු අතර එම අගමැතිකම සඳහා ආරාධනා ලැබුණේ රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

 

එවැනි අගමැතිකම් සඳහා තමන් සූදානම් නොමැති බව ද සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

රට ගොඩනැගීමට නම් රාජපක්ෂ සාපයෙන් රට මුදවාගත යුතු බවද විපක්ෂ නායකවරයා සඳහන් කර තිබේ.

 

අනුරාධපුරයේ පැවති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කර තිබුණි.

 

views

212 Views

Comments

arrow-up