ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් අනතුරු ඇඟවීමක්

අත්අඩංගුවට ගෙන සිටින වසන්ත මුදලිගේ සහ ගල්නෑවේ සිරිධම්ම හිමියන්ගේ ජීවිතයට කිසියම් හානියක් සිදු වුවහොත් ජනතාව විසින් පොලීසිය සහ ත්‍රස්ත විමර්ශන අංශ පොළොවට සමතලා කර දමනු ඇතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අනතුරු අඟවා තිබේ.
අද (10) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සරත් ෆොන්සේකා මහතා මේ බව ප්‍රකාශ කර තිබුණි.
රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින වසන්ත මුදලිගේ සහ ගල්නෑවේ සිරිධම්ම හිමියන් දැඩි අසනීප තත්ත්වයෙන් පසුවන බවද සරත් ෆොන්සේකා මහතා වැඩි වැඩිදුරටත් පවසා තිබුණි.
255 Views
Comments