රට ගොඩගැනීමට සුදුසු ම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ - ඇමරිකාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
19

රට ගොඩගැනීමට සුදුසු ම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ - ඇමරිකාව

රට ගොඩගැනීමට සුදුසු ම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ - ඇමරිකාව

අර්බුදයට පත්ව සිටින ශ්‍රී ලංකාව අර්බුදයෙන් ගොඩනැගීමට සුදුසුම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ප්‍රකාශ කර තිබේ.

 

එසේම රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බලවේගයක් ඔහු සතු බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

 

එසේම ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා දරණ උත්සහය අගය කරන බවද ඒ මහතා පවසා තිබේ.

 

ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ඊයේ (19) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ.

 

 

views

234 Views

Comments

arrow-up