සුසිල් ප්‍රේම්ජයන්ත ඉවත් කළේ බුද්ධි අංශ තොරතුරු මතයි..! – තිස්සකුට්ටි ආරච්චි

රාජ්‍ය බුද්ධි අංශ මගින් ජනාධිපතිවරයා වෙත වාර්තා කර තිබූ කරුණු මත පදනම්ව සුසිල් ප්‍රේම්ජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව බදුල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි මහතා පවසනවා.
ඒ, ඊයේ (05) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්.
ඔහු ඇමතිධුරයෙන් නෙරපීමට පෙර දින දෙල්කඳ පොළේදී ආණ්ඩුව විවේචනය කරමින් අදහස් දක්වා තිබූ අතර එම විවේචනය හේතුවෙන් ප්‍රේම්ජයන්ත මහතාට ඇමති ධුරය අහිමි වූ බව බොහෝදෙනා විස්වාස කරන නමුත් එහි කිසිදු සත්‍යයක් නොමැති බවයි මන්ත්‍රීවරයා පවසන්නෙ.
869 Views
Comments