හකීම් - බදියුදීන්ගේ සියළු මන්ත්‍රීවරු පොහොට්ටුව සමඟ සන්ධානයකට

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07ක් වෙනම මුස්ලිම් සන්ධානයක් පිහිටුවීමට තීරණය කර තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තුවේ එම පක්ෂ දෙකේ නායකයන් වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන දෙදෙනා පමණක් නියෝජනය වනු ඇත.
එම මන්ත‍්‍රීවරු විසින් පිහිටුවනු ලබන නව සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වීමටද සාකච්ඡා කරමින් පවතී.
පසුගිය අයවැයට පක්ෂව අදාල මුස්ලිම් මන්ත්‍රීවරු පිරිස ඡන්දය ලබාදීම හේතුවෙන් පක්ෂ විසින් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
979 Views
Comments