NOV
28
මාධ්‍ය වාර්තා බොරු – බැසිල් කටුනායක දී සියලු බිල් ගෙව්වා

පසුගිය 20 වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ නීතියට පරිබාහිර කිසිඳු දෙයක් සිදු නොවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සියල්ල සත්‍යයෙන් තොර බවයි.
එහිදී හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ ප්‍රභූ පර්යන්තය පාවිච්චි කිරීම සඳහා එක් අයෙකුට ඩොලර් 200ක් බැඟින් ඩොලර් 400ක මුදලක් ගෙවූ බවද මහලේකම්වරයා අදාළ නිවේදනයෙන් පෙන්වා දෙනවා.
222 Views
Comments