NOV
22
ගෝඨාභය ගෙනාවට වියතුන් වගකිවයුතුයි

දේශපාලනය නොදන්නා සහ නොතේරෙන ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට ගෙන ඒම ගැන වියතුන් වගකිවයුතු බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට ගෙනාවේ තමා නොවන බවත් ඔහු ගෙන එන්නැයි රටේ වෙනත් හඬක් මතුවුණු බවත් හෙතෙම සඳහන් කළේය.
තමාටත් ඔහුට වැඩ කිරීමට සිදු වූයේ ඒ හඬ පැමිණි පසු බවද මන්ත්‍රීවරයා කීවේය.
ලංසා මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
212 Views
Comments