විමල්ගෙන් බැසිල්ට කණේ පහරක්

රුපියල් 5000ක් දීමෙන් රටේ ආර්ථික අර්බුදය විසඳීමට නොහැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඒ, පසුගිය (12) දින පස්වරුවේ කොළඹ ගලදාරී හෝටලයේ පැවති “CNCI Achievers Awards 2021 for Industrial Excellence” උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් පැවැත්වූ දේශනයේදීයි.
රටේ ආර්ථිකය නගා සිටුවිම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ ආර්ථික පැකේජයක් යටතේ ජනතාවට රුපියල් පන්දහසක් ලබාදීම විවේචනය කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ එසේ රුපියල් බෙදා දුන්නද ඩොලර් අච්චු ගැසීමේ හැකියාවක් නොමැති බවත් බොරු කිරීම නතර කළ යුතු බවත් එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කලා.
815 Views
Comments