“චන්ද්‍රිකාට ගොට්ට අල්ලලා අහුවෙන්න එපා” - දයාසිරිගෙන් ශ්‍රීලනිප සංවිධායකයින්ට දැඩි අවවාද

අද(08 )පෙරවරුවේ 123 වැනි බණ්ඩාරනායක ජන්ම දින සැමරුම පැවැත්වීමට නියමිතව තිබේ.
ගාලු මුවදොර අසල පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසලදී එම සමරු උත්සවය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
මේ අතර මෙම උත්සවයට සහභාගවීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රීලනිප සංවිධායකයන්ගේ ගමන වළකාලීම සඳහා අද උදෑසන හදිසි රැස්වීමක් කැඳවා තිබේ.
මෙම රැස්වීම සඳහා සියලු පක්ෂ සංවිධායකයින් සහභාගිවීම අනිවාර්ය බව ශ්‍රීලනිප ලේකම් දයාසිරි ජයසේකර මහතා දැනුම් දී ඇත.
පක්ෂ සංවිධායක ධුරය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් ගුණ සමරුවට සහභාගි වී උදෑසන ශ්‍රීලනිප මූලස්ථානයට පැමිණෙන ලෙසද දැනුම්දී තිබේ.
“චන්ද්‍රිකාට ගොට්ට අල්ලලා ගිහින් අහුවෙන්න එපා” යැයිද ශ්‍රීලනිප ලේකම්වරයා පවසා ඇතැයි වාර්තාවේ.
845 Views
Comments