81 හැවිරිදි බිරිඳව ඝාතනය කළ 82 හැවිරිදි සැමියා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
25

81 හැවිරිදි බිරිඳව ඝාතනය කළ 82 හැවිරිදි සැමියා අත්අඩංගුවට

81 හැවිරිදි බිරිඳව ඝාතනය කළ 82 හැවිරිදි සැමියා අත්අඩංගුවට

81 හැවිරිදි බිරිද ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට 82 හැවිරිදි සැමියා ඊයේ (24දා) අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලීසිය පවසයි. 

 

බදුරලිය, පැල්බිම, ඉලුක්පොත ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය කීය. සය දරු මවක වන කුරුදුකාරගේ කරුණාවතී නමැති 81 හැවිරිදි කාන්තාවක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

 


ඉකුත්දා 17 දා රාත්‍රී දෙදෙනා අතර බහින් බස් වීමක් සිදු නිවස තුළදී සිදුවී අනතුරුව සැකකාර සැමියා විසින් ජලය ඉවත් කිරීමට යොදා ගන්නා උපකරණයකින් බිරිඳට පහර දී ඇතැයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

අනතුරුව ඇයව තල්ලු කිරීමේදී විසිවී ගොස් අල්මාරියේ හිස ගැටී ඇති අතර බරපතළ තුවාල ලද කාන්තාව පිඹුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටියදී ඊයේ 24 අලුයම මියගොස් තිබූ බව පොලීසිය පවසයි.

 

මියගොස් ඇති තැනැත්තියගේ පුත්‍රයෙකු විසින් ප්‍රකාශ ලබාදීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට පත් සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. බදුරලිය ස්ථානාධිපති (වැ) පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ.ඩී. වික්‍රමාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් එහි නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

views

266 Views

Comments

arrow-up