ගැටුමක් නිසා තරුවක් රෝහලේ

ගැටුමකින් පසුව ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ශානක උදීෂ ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති බව තලංගම පොලිසිය පවසනවා.
පිටකෝට්ටේ පිහිටි ආපන ශාලාවකදී ඒක පුද්ගල සංගීත ඉදිරිපත් කිරීමක් සිදුකරමින් සිටියදී ගීතයක් ගායනා කරන ලෙසට කළ ඉල්ලීමක් දුරදිග යාමෙන් ඇති වූ ආරවුලක් මත මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම ගැටුමට ජනප්‍රිය තරු කිහිපයක්ද සම්බන්ධව ඇති අතර පොලිසියට අනුව ඔවුන් මෙම ආරවුලක් ආරම්භ කර පුද්ගලයෙකුට පහර දී ඇති අතර පසුව මෙය දෙපිරිසක් අතර ගැටුමක් බවට පත්ව පුද්ගලයන් කිහිප දෙනෙකුට තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
206 Views
Comments