නීතිපති ප්‍රවේශයෙන් කඩ්ඩ හැලෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
11

නීතිපති ප්‍රවේශයෙන් කඩ්ඩ හැලෙයි

නීතිපති ප්‍රවේශයෙන් කඩ්ඩ හැලෙයි

 

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පෙනී සිටිය යුතු බවට ගෙන තිබෙන තීරණය වසර තුනකින් කල් දමන ලෙස නීති අධ්‍යයන සභාවෙන් ඉල්ලීමක් කළ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී( 10) පැවසීය.

 

ඇමැතිවරයා මෙසේ පැවසූවේ එම විභාගයට මවුබසින් පෙනී සිටීමට අයැදුම්කරුවන්ට අවස්ථාව දෙන්නේදැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරංවංශ විසින් අසන   ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

 

බහුතරයකගේ ඉල්ලීම් අනුව  එම විභාගයට මවුබසින් පෙනී සිටීමට අයිතිය  දෙන ලෙස නීති අධ්‍යයන කොමිෂන්  සභාවෙන් ඉල්ලා සිටි බව  කී ඇමැතිවරයා විභාගයට ඉංග්‍රීසි බසින් පමණක් පෙනී සිටිය යුතු බවට සඳහන්  ගැසට් නිවේදනයක්  නිකුත් කර ඇතත් එය මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බවද  සඳහන් කළේය.

 

තමා කළ ඉල්ලීමට එම සභාවෙන් ලැබෙන ප්‍රතිචාරය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන  බව විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

views

180 Views

Comments

arrow-up