කොටස් එකතු කර සෑදූ සුඛෝපභෝගී රථයක් කොටු

කොටස් එකලස් කර සකස් කරන රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් සමග ව්‍යාපාරිකයෙකු අද (04) අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම සුඛෝපභෝගී ජීප් රථයේ ලියාපදිංචි අංකය ලෙස දශක කීපයකට ඉහතදී මෙරට සේවය කළ තානාපතිවරුන්ට පමණක් රජය මගින් නිකුත් කළ 99 කාණ්ඩයේ ලියා පදිංචි අංකයක් ව්‍යාජ ලෙස ප්‍රදර්ශනය කර තිබු බවත් පොලිසිය පැවසීය.
බිබිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කොටස් එකලස් කරනලද සුඛෝපභෝගී ජීප් රථයක් පරිහරණය කරන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට ලැබුනු රහසිගත තොරතුරක් අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ
රහසිගත විමර්ශනයකින් අනතුරුව සැකකාර ව්‍යාපාරිකයා එම ජීප් රථය පදවාගෙන පැමිණෙමින් සිටියදී මොණරාගල බුත්තල පාර කුඹුක් කන්න ප්‍රදේශයේ දී ක්ෂණික මාර්ග බාධක යොදා අත් අඩංගුවට ගත් බව වැටලීම සිදුකළ පොලිස් නිළධාරියෙකු පැවසීය.
188 Views
Comments