OCT
28
දුසිල්වත් භික්ෂූන්ට එරෙහිව පනතක්

දුසිල්වත් සහ ඇතැම් ව්‍යාපාර ආදී කටයුතුවල නිරත වෙන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ අවධානය යොමු වී තිබෙනවා.
ඉදිරියේදී මේ සම්බන්ධව කටයුතු කිරීමට නායකහිමිවරුන්ගේ මග පෙන්වීමෙන් වෙනම ව්‍යුහයක් ස්ථාපිත කිරීමට බලතල සහිත නව පනතක් හඳුන්වා දීමටත් අපේක්ෂා කරන බවයි බුද්ධ ශාසන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර අඩු වයසින් කුල දරුවන් සසුන් ගත කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.
191 Views
Comments