OCT
21
පාසල් සිසුන්ට පාර්ලිමේන්තුව යළි විවරවේ

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවල දී පාර්ලිමේන්තුව නැරඹීමට සහ පාර්ලිමේන්තුවේ විවාද නැරඹීමට පැමිණෙන පාසල් දරුවන්ට ඒ සඳහා යළි අවස්ථාව උදාවී තිබේ.
ඒ පාසල් දරුවන්ට ඒ සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබීමත් සමඟයි.
ඒ අනුව පාසල් සිසුන්ට පාර්ලිමේන්තු සභාගර්භයේ ඇති මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාද සජීවීව නැරඹීමේ අවස්ථාව යළි හිමිවේ.
213 Views
Comments