V8 රථය ගැන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසන දේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

V8 රථය ගැන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසන දේ

V8 රථය ගැන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසන දේ

තමාට අයත් ජීප් රථයක් තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව මිලදී ගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

 

තමාගේ වාහනය ගනු ලැබුවේ තිළිණි ප්‍රියමාලි නොවන බවත් තමා ඇය හඳුනන්නේ නැති බවත් උන්වහන්සේ ප්‍රකාශ කර තිබේ.

 

තමාගේ V8 වර්ගයේ ජීප් රථය රැගෙන යනු ලැබුවේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වන ප්‍රියංකා ජයසේකර උන්වහන්සේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත.

 

එම වංචාව සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටින බව ද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

 

views

249 Views

Comments

arrow-up