OCT
14
පොලිස් කොස්තාපල්වරියට බලෙන් හාදු දුන් සැරයන්වරයාට වැඩ වරදී

පොලිස් කොස්තාපල්වරියකට බලහත්කාරයෙන් හාදු දුන් පොලිස් සැරයන්වරයෙකු සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබේ.
මේ බව ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරුණු වාර්තා කර තිබේ.
රාජකාරි කටයුත්තක් සඳහා පාර්ලිමේන්තු පොලිස් කාර්යාලයට යමින් සිටියදී පඩිපෙළක් අසල සිටි පොලිස් සැරයන්වරයා පොලිස් කොස්තාපල්වරියට හාදුවක් ලබාදී ඇති බව වාර්තා වේ.
263 Views
Comments