OCT
14
කැලණි ගඟ දෙපස පහත් බිම් වලට ගංවතුර අනතුරු ඇඟවීම්

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂා සහිත කාලගුණයක් පවතී.
මේ හේතුවෙන් ඉදිරි පැය කිහිපයේ දී කැලණි ගඟ දෙපස පහත් බිම් කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල ආශ්‍රිත පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම නිවේදනය දැක්වේ.
253 Views
Comments