ඩොලර් නැතුව දින 53ක් තිස්සේ බොරතෙල් නැවක් මහ මුහුදේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදුව කටයුතු සඳහා ආනයනය කර ගොඩබෑමකින් තොරව කොළඹ පිටත වරාය ආසන්නයේ නැංගුරම්ලා ඇති බොරතෙල් නෞකාවට අද (11) දිනයට වන විට දින 53ක් සපිරෙන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසනවා.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවට මේ වසරට අවුරුදු 53ක් සම්පුර්ණ වෙන බවත් එම වසර 53ක කාලයට මේ ආකාරයෙන් බොරතෙල් නෞකාවෙන් ගොඩබෑමකින් තොරව තබා ප්‍රථම අවස්ථාව මෙය බවයි එම සමිති පෙන්වා දෙන්නේ.
එම සමිති ප්‍රකාශ කරන්නේ මේ නෞකාවේ ප්‍රමාද ගාස්තු වශයෙන් ඩොලර් හැත්තෑ නව ලක්ෂයට අධික මුදලක් අමතර මුදල් වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට සිදුව ඇති බවයි.
171 Views
Comments