NOV
18
මෙරටට පැමිණෙන දෛනික සංචාරකයන් ගණන ඉහළට

ශ්‍රී ලංකාවට දෛනිකව පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව 1800ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සංචාරක අමාත්‍යාංශය කියා සිටියේ මේ මාසයේ ගත වූ මුල් කාලය සමඟ බැලීමේදී සංචාරකයන්ගේ මෙම දෛනික පැමිණීම වාර්තා වන බවයි.
සාමාන්‍යයෙන් දෛනික සංචාරක පැමිණීම 2000 ක පමණ සීමාවක පැවැතීම සුබවාදී මට්ටමක් ලෙසයි සැලකෙන්නේ.
මේ අනුව මෙම මාසයේ සංචාරකයන් 27213ක් මෙරටට පැමිණ ඇති අතර ඒ අතරින් වැඩි පිරිසක් රුසියානු ජාතිකයන් වනවා.
166 Views
Comments