මිලියනයක් කොල්ලකෑ වඳුරඹ OIC අත්අඩංගුවට

වාහනයක් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයෙකුගෙන් රුපියල් මිලියනයක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වඳුරඹ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඊයේ නාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වාහනය මිලදී ගැනීමට පැමිණි තැනැත්තා බ්‍රෝකර්වරයකු විසින් පසුගිය 11 වැනිදා වාහනයක් බැලීමට යයි පවසමින් ගාල්ල ප්‍රදේශය වෙත කැඳවාගෙන පැමිණ තිබේ. පසුව ඔවුන් දෙදෙනා වඳුරඹ ප්‍රදේශයට ගමන් කරන අතරවාරයේ සැකකාර පොලිස් නිලධාරිවරයා ත්‍රී රෝද රථයකින් පැමිණ ඔවුන් ගමන් කළ මෝටර් රථය නවතා හොර සල්ලි තිබෙන බවට පවසමින් ඔවුන් සතුව තිබූ රුපියල් මිලියනයක මුදල උදුරාගෙන තිබෙනවා. මුදල් පිළිබඳ දින පහකින් උත්තරයක් දෙන බවට පවසා ඔහු එම ස්ථානයෙන් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පසුව වින්දිත පුද්ගලයා විසින් කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනවලින් අනතුරුව සැකකාර පොලිස් පරික්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
714 Views
Comments