දැව සංස්ථාව සංස්ථාවට දුම්රියෙන් කොටි 42ක පොල්ලක් - කෝපා හෙලි කරයි

සිල්පර කොටන් සැපයීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව රාජ දැව සංස්ථාවට රුපියල් කෝටි 42ක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී අනාවරණය වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සති තුනක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
මීට අමතරව දුම්රිය හරහා භාණ්ඩ ප්‍රවාහනය තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා අනුගමනය කළ හැකි විධිමත් වැඩපිළිවෙළක් වහාම ඉදිරිපත් කරන ලෙස ද කෝප් කමිටුව දුම්රිය දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව වාර්තා වනවා.
788 Views
Comments