සාද වලට අවසර ඉල්ලන්න එපා – PHI සංගමය
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

සාද වලට අවසර ඉල්ලන්න එපා – PHI සංගමය

සාද වලට අවසර ඉල්ලන්න එපා – PHI සංගමය

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් විවාහ මංගල උත්සව ඇතුලු විවිධ සාද පවත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කළා.

 

මේවන විටත් රටතුල කොවිඩ් වසංගතයේ අවදානම් තත්වය පහවගොස් නොමැති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ.

 

පවතින තත්වය අවබෝධ කරගනිමින් නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.

 

සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබියදීත් උත්සව පැවැත්වීම සදහා අවසර ඉල්ලමින් දෛනිකව විශාල සංඛ්‍යාවක් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල වෙත පැමිණෙන බවද ඔහු කියා සිටියා.

views

797 Views

Comments

arrow-up