මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට එකවර කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියන් තිදෙනෙක් - අනාගත පොලිස්පති කාන්තාවක් වෙයිද!

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා පොලිස් නිලධාරිනියන්ට තිදෙනෙකු එකවර නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස් කොට ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
මෙලෙස උසස් කොට ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවාවේ කටයුතු කළ ඒ ජී එන් ඩී සෙනෙවිරත්න සුභසාධන කොට්ඨාශය කටයුතු කළ ඩබ්ලිව් .ජේ පද්මිණි සහ පර්යේෂණ සංවර්ධන කොට්ඨාසය කටයුතු කළ එස්.ඒ.ආර් ජයසුන්දර යන නිලධාරිනියන් තිදෙනාය
ඔවුන් ජේෂ්ඨ පොලිස් අධිකාරි ධූරය සිට මෙලෙස නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කොට ඇත.
මීට පෙර ද කාන්තා පොලිස් නිලධාරිනියන් සඳහා නියෝජ්‍ය පොලිස්පති ධුරය ලබා දී තිබූ අතර කාන්තාවකට වුවද ශ්‍රී ලංකා පොලිසියේම ඉහළම තනතුර වන පොලිස්පති තණතුර දක්වා යෑමට අවස්ථාව හිමිකර දී තිබේ.
මෙම නව පත්කිරීම රාජ සේවා කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය පරිදි සිදු කොට තිබේ.
1516 Views
Comments