ග්‍රාමනිලධාරිනියක සමඟ එක්වී ඇගේ සැමියා ඝාතනය කල ලු‍තිනන් කර්නල් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
30

ග්‍රාමනිලධාරිනියක සමඟ එක්වී ඇගේ සැමියා ඝාතනය කල ලු‍තිනන් කර්නල් අත්අඩංගුවට

ග්‍රාමනිලධාරිනියක සමඟ එක්වී ඇගේ සැමියා ඝාතනය කල ලු‍තිනන් කර්නල් අත්අඩංගුවට

පසුගිය දිනෙක මට්ටක්කුලිය ප්‍රදේශයේ ග්‍රාමනිලධාරිනියක සමඟ එක්වී ඇගේ සැමියා ඝාතනය කර සිරුර කැලණි ගඟේ ගිල්ලවීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන මට්ටක්කුලිය හයවැනි ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරි ලූතිනන් කර්නල්වරයා කොළඹ උතුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (29) රාතී‍්‍ර අත්අඩංගුවට ගෙන තිබේ.

 

මේ වනවිට මෙම අභිරහස් ඝාතන සිද්ධිය සම්බන්ධව මට්ටක්කුලිය බුද්ධි කඳවුරේ සෙබළුන් 13 දෙනෙකු සහ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ වන ග‍්‍රාමනිලධාරිනියද මීට පෙර අත්අඩංගුවට ගත් අතර ඔවුව් මේ වනවිට බන්ධනාගාරගත කරනු ලැබ සිටී.

 

මෙම ඝාතනයට නියෝග දුන් බව කියන ලූතිනන් කර්නල් යුද හමුදා පොලිසිය විසින් මීට ඉහතදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් සති දෙකකට ආසන්න කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම් කර තිබිණි.

 

යුද හමුදා පොලිසිය විසින් සැකකාර ලූතිනන් කර්නල්වරයා ඊයේ(29) සවස පොලිසිය වෙත භාරදුන් අතර ඔහුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව අත්අඩංගුවට ගන්නා ලදී.

 

ඝාතනයට ලක්වූ අකිල සම්පත් නමැත්තාගේ බිරිඳ වන ග‍්‍රාමනිලධාරිනිය සමඟ හමුදා නිලධාරියෙකු අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙන අතර එය හෙළිවීමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුවී ඇතැයි පොලිසිය කළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

 

සැකකාර ලූතිනන් කර්නල් මට්ටක්කුලිය හයවන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරියා වන අතර මොහු තමන් යටතේ සිටින සෙබළුන් 13 දෙනකු යොදාගෙන ඝාතනයට ලක් පුද්ගලයා පැහැරගෙන ගොස් මාදම්පිටිය ප්‍රදේශයේදී ඝාතනය කරවා තිබේ.

 

පසුව ඔහුගේ සිරුර ගල් බැඳ කැලණි ගඟේ ගිල්ලවීමටද කටයුතු කර තිබිණි.

views

2407 Views

Comments

arrow-up