සුරාසැල් විවෘත කරත් ආදායම සියයට 60කින් පහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
23

සුරාසැල් විවෘත කරත් ආදායම සියයට 60කින් පහලට

සුරාසැල් විවෘත කරත් ආදායම සියයට 60කින් පහලට

රට පුරා සුරාසැල් විවෘතකර ඇතත් ලැබෙන ආදායම 60% කින් පමණ පහත වැටී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.

 

සාමාන්‍ය දිනකදී මත්පැන් අලෙවි සැල්වලින් කෝටි 50ක පමණ ආදායමක් ලැබුණත් දැනට ලැබෙන්නේ රුපියල් කෝටි 20කටත් වඩා අඩු ආදායමක් බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.

 

ජනතාව අත මුදල් නොමැතිකමින්  මත්පැන් අලෙවිසැල් වෙත ඇදී ඒම සීමාවීම ආදායම අඩුවීමට  ප්‍රධාන හේතුව බව හෙතෙම පැවසීය.

 

එමෙන්ම පොදු ප්‍රවාහන සේවය නතරවීම, රජයේ සහ පෞද්ගලික ආයතන සේවකයින් සියලු‍දෙනා  සේවය සඳහා නොකැඳවීම, විනෝද ගමන් හා ප්‍රිය සම්භාෂණ නතරවීම, මත්පැන් භාවිතය සඳහා ස්ථානීය මත්පැන් අලෙවිසැල් සහ අවන්හල් විවෘත නොකිරීම යන කරුණු මත්පැන් අලෙවිය අඩුවීමට බලපා ඇති සෙසු හේතු බවද දෙපාර්තමේන්තුව පවසයි.

 

රට පුරා සියලු‍ සුරාසැල් කොන්දේසි සහිතව පසුගිය 17 වනදා විවෘත කෙරිණ.

 

විවෘත කෙරුණු දිනයේදී මත්පැන් අලෙවිසැල්වලට විශාල ලෙස ජනතාව එක් රැස්වූ බවත් පසුදින වසා දමාවි යැයි යන සැකයෙන් ඔවුන් එසේ කටයුතු කළ බවත් සුරාබදු නිලධාරීන් පවසයි.

views

794 Views

Comments

arrow-up