SEP
16
නීතිවිරෝධී වෙනිවැල් කිලෝ 500ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ගාල්ල උඩුගම අක්කර අසූව රක්ෂිත ප්‍රදේශයෙන් කපා විකිණීමට රැගෙන යාමට සූදානම්කරමින් සිටි වෙනිවැල්ගැට කිලෝ 500ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට තවලම අඩවි වන නිලධාරීන් සමත්ව තිබේ.
මෙම තොගය ප්‍රවාහනය පිණිස යොදාගත් වෑන් රථයද උඩුගම පොලිසිය වෙත භාරදී ඇති අතර සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇත.
ගාල්ල දිසා අඩවි වන නිලධාරී පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
770 Views
Comments