ගාල්ලේ එන්නත් කාඩ්පත පමණක් ලකුණු කරගෙන පිටව යාමට උත්සාහ කළ පිරිසක් අත්අඩංගුවට

ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ එන්නත් මධ්‍යස්ථානයට පැමිණ එන්නත ලබාගත් බවට කාඩ්පතේ සලකුණු කරවාගෙන එන්නත ලබා නොගෙන පිටව යාමට උත්සාහ කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගාල්ල ඇතිලිගොඩ සහ කෝන්ගහ ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් එන්නත් මධ්‍යස්ථානයට පැමිණ කාඩ්පත පමණක් ලකුණු කරවාගෙන පිටව යමින් සිටියදී එහි සිටි සෞඛ්‍ය නිලධාරීන් ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට දන්වා තිබෙනවා. ඉන් අනතුරුවයි පොලිසිය ඔවුන් රඳවාගෙන පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ.
අන්තරාදායක රෝගයක් පැතිරවීමට හැකි අයුරින් නොසැලකිලිමත්ව ක්‍රියා කිරීම යන චෝදනා යටතේ ලබන 21 වනදා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
1039 Views
Comments