SEP
09
13 රට විවෘත කරනවාද නැද්ද තීරණය හෙට

රට ලබන 13 වැනිදා නැවත විවෘත කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (10) පෙරවරුවේ රැස්වීමට නියමිතව ඇත.
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රජය විසින් රට පුරා නිරෝධායන ඇදිරි නීතිය පණවනු ලැබුවේ පසුගිය මස 20 වැනිදාය.
එදින පැනවූ ඇඳිරි නීතිය අවසන්වීමට නියමිතව තිබුණේ පසුගිය මස 31 වැනිදාය .
එහෙත් එදින රට විවෘත නොකෙරුණු අතර නිරෝධායන කාල සීමාව තවත් සති දෙකකට දීර්ඝ කෙරිණ.
817 Views
Comments