මා ඔයෙන් එගොඩ විමට ගිය යතුරුපැදිකරු සැඩ පහරට හසුව ගසාගෙන යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
16

මා ඔයෙන් එගොඩ විමට ගිය යතුරුපැදිකරු සැඩ පහරට හසුව ගසාගෙන යයි

මා ඔයෙන් එගොඩ විමට ගිය යතුරුපැදිකරු සැඩ පහරට හසුව ගසාගෙන යයි

මදුරුපිටිය මාඔයේ සපත්තු පාලමෙන් එගොඩවීමට ගිය යතුරුපැදිකරුවෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ.

 

මීරිගම සිට අලව්ව, තල්වත්ත ප්‍රදේශයට අද දහවල් යාමට ගිය යතුරුපැදිකරුවකු මෙසේ සැඩ පහරට අසුව ගසාගෙන යාමෙන් අතුරුදන්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

 

කොළඹ - මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මාඔයේ පාලමට යටින් මෙම සපත්තු පාළම පිහිටා ඇති අතර මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් සපත්තු පාලම ඉක්මවා ජලකඳ ගලා බසී.

 

සපත්තු පාලම අඩියකින් පමණ ජලකඳ වසා තිබෙන අවස්ථාවේ මෙම යතුරු පැදිකරු පාලමෙන් එගොඩ වීමට උත්සාහකර ඇති අතර ටික දුරක් ගමන් කල යතුරු පැදිකරු සැඩ පහරට හසුව පහලට ඇද වැටී ගසාගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

 

ජලයේ ගසාගෙන ගිය පුද්ගලයා සහ යතුරුපැදිය සොයා ගැනීම සඳහා කිමිදුම් කණ්ඩායම් යොදවා පරීක්ෂණ පැවැත්වීමට පොලිසිය පියවර ගෙන ඇත.

views

942 Views

Comments

arrow-up