කටට ප්ලාස්ටරයක් ඇලවූ මළ සිරුරක් - මරණයට හේතුව අභිරහසක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

කටට ප්ලාස්ටරයක් ඇලවූ මළ සිරුරක් - මරණයට හේතුව අභිරහසක්

කටට ප්ලාස්ටරයක් ඇලවූ මළ සිරුරක් - මරණයට හේතුව අභිරහසක්

සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් වරකාපොළ ප්‍රදේශයේදී සොයාගෙන තිබේ.

 

ඒ ඊයේ (13) දහවල් වරකාපොල තුල්හිරිය ප්‍රදේශයේ මාඔය ඉවුරේ තිබියදීය.

 

පොලීසිය සඳහන් කළේ මියගොස් ඇති පුද්ගලයාගේ මුඛය ප්ලාස්ටරයක් අලවා ආවරණය කරතිබූ බවය.

 

ඒ ආසන්නයේ තිබී ජාතික හැඳුනුම්පතක් ද හමුවී ඇති අතර ඒ ඔස්සේ සිදුකළ විමර්ශන අනුව එම පුද්ගලයා මීට පෙර අතුරුදන්ව සිටි අයෙකු බව පොලීසිය හඳුනාගෙන ඇත.

 

අදාළ හැඳුනුම්පත හිමි ලිපිනයේ පදිංචි පුද්ගලයා ඉකුත් 10 වනදා අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ විසින් පන්නල පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙන බවද පොලීසිය පවසයි.

 

ඒ අනුව අතුරුදන් වූ පුද්ගලයාගේ බිරිඳ විසින් අදාළ මළ සිරුර හඳුනාගෙන ඇති අතර මරණකරු අරත්තන උඩුගම පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

views

1231 Views

Comments

arrow-up