බඩගින්නේ හරි දරුවන්ට උගන්වන්න - ඉත්තෑපාන ධම්මාලංකාර හිමි ඉල්ලති

අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියන් පැවසූවේ සියල්ල පසෙකලා ගුරුවරු විසින් දරුවන්ට ඉගෙන්වීම ආරම්භ කළයුතු බවයි.
නිදහස් අධ්‍යාපනයේ පියා වන සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ උපන් දිනය දා උපන් ගමේදී ධම්මාලංකාර හිමියන් ගුරුවරුන්ගෙන් එම ඉල්ලීම සිදුකළේය.
ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 137 වන ජන්ම දිනය ඊයේ (13) දිනට යෙදී තිබේ.
ඒ නිමිත්තෙන් මතුගම, ලූල්බද්දුව එතුමන්ගේ උපන් ගමේ පිහිටි කන්නන්ගර සමාධියට පුපෝපහාර දැක්වීම සිදුවිය.
එහිදී අදහස් දැක්වූ ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමි,
"මම ඉතාම කරුණාවෙන් සඳහන් කරන්නේ, රටේ ගුරුවරු පාසල් දරුවන්ට ඉගැන්වීම ඉක්මනින් ආරම්භ කරන්න. කන්නන්ගර ශ්‍රීමතාණන් අපට පෙන්වූ දෙය තමයි සියලුම දරුවන්ට ඇති නැති හෝ වෙනත් භේද නොසලකා නිදහස් අධ්‍යාපනය ලබාදීම. එබැවින් මේ මොහොතේ මා ඉතා කරුණාවෙන් මේ රටේ ගුරුවරුන්ට කියන්නේ අනිත් සියලු දේ අමතක කරලා, බඩගින්නේ හරි දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන්න. මේ මොහොතේ සියල්ලට ම වඩා වැදගත් දේ ඒක. නොමිලේ හරි උගන්වනවා කියලා රට වෙනුවෙන් සහ රටේ අනාගතය වෙනුවෙන් දරුවන්ට උගන්වන්න."
828 Views
Comments