අකුණු සැර වැදී කුඩා දැරිය මරු තුරුළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

අකුණු සැර වැදී කුඩා දැරිය මරු තුරුළට

අකුණු සැර වැදී කුඩා දැරිය මරු තුරුළට

මහව, පන්වැව ප්‍රදේශයේ වයස අවුරුදු 12ක් වූ කුඩා දැරියක් අකුණු සැර වැදී මියගොස් තිබේ.

 

ඊයේ(20) නිවස ඉදිරිපිට සිටි එම දැරියට අකුණු සැර වැදී බරපතළ තත්ත්වයෙන් නාගොල්ලාගම රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

 

පන්වැව, බලල්ල ප්‍රදේශයේ පදිංචි කුඩා දැරියක් එලෙස මියගොස් ඇත.

 

මෘත ශරීරය නාගොල්ලාගම රෝහලේ තැන්පත් කර ඇති අතර මහව පොලීසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

views

801 Views

Comments

arrow-up