AUG
12
ධම්මික පැණියට දී තිබූ බලපත්‍රය අහෝසියි

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා මර්දන පැණිය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබූ තාවකාලික බලපත්‍රය අහෝසි කර ඇති බව ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරනවා.
ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ සායනික පරීක්ෂණවලින් ශක්‍යතාව තහවුරු නොවීම හේතුවෙන් ඒ සඳහා ලබා දී තිබූ තාවකාලික බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කළ බවයි.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා මෙම කොරෝනා මර්දන පැණිය නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබුණා.
747 Views
Comments