දවයිනේ සියලු රෝහල් කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක

අද උදෑසන 7 සිට 11 දක්වා දිවයිනේ සියලුම රෝහල් කාර්ය මණ්ඩලය, පසුගිය දින සියලු රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීමට නිකුත් කළ චක්‍රලේඛයට විරෝධතාව පළ කරමින් සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.
වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ පරිපූරක හා අතුරු වෛද්‍ය , හෙද සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද මෙම වැඩ වර්ජනයට එක් වීමට නියමිත බවයි.
දිවයින පුරා රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය දියත් කළ දෙදිනක අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද උදෑසනින් අවසන් විය.
898 Views
Comments