හත් හැවිරිදි පිරිමි දරුවා යටකර පලාගිය යතුරුපැදිකරු නිදැල්ලේ - දරුවා මියයයි

ගල්කිරියාගම, තලාගල ප‍්‍රදේශයේදී අවුරුදු හතක් වන පිරිමි දරුවෙකු යටකර පලාගිය යතුරු පැදිකරු සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
ආඬියාගල අඹගස්වැව ප‍්‍රදේශයේ පදිංචි යෙතුම් තෙවිඳු නම් හත් හැවිරිදි දරුවා මෙලෙස අනතුරට ලක්ව මියගොස් ඇත.
තම සීයාගේ නිවසේ සිට නිවසටයෑමට මාර්ගය අසළ රැඳී සිටියදී අඹගස්වැව සිට පලාගල දෙසට අධික වේගයෙන් ධාවනය කළ යතුරුපැදිකරුවෙකු මෙම දරුවා යටකර පලාගිය බවට ප‍්‍රදේශවාසීහු කියති.
අනතුරින් බරපතල තුවාල ලැබූ දරුවා ප‍්‍රදේශවාසීන් විසින් මූලික ප‍්‍රතිකාර සඳහා කලාවැව ප‍්‍රදේශීය රෝහලට ඇතුළත් කර එහිදී වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති අතර අනුරාධපුර රෝහලේදී දරුවා මියගොස් තිබේ.
මියගිය යෙතුම් තෙවිඳු පලාගල මහා විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.
අනතුර සිදුකර පලාගිය සැකකරු තවමත් හමුවී නොමැති හෙයින් පොලිස් නිල සුනඛයකුගේද සහය ඇතිව විශේෂ පොලිස් මෙහෙයුමක් දියත් කර ඇති බවට පොලිසිය පවසයි.
851 Views
Comments