බැංකු ගිණුම් හරහා රුපියල් බිලියන 6ක මත්ද්‍රව්‍ය මුදල් බෙදාහැරි කාන්තාවක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
29

බැංකු ගිණුම් හරහා රුපියල් බිලියන 6ක මත්ද්‍රව්‍ය මුදල් බෙදාහැරි කාන්තාවක් අත්අඩංගුවට

බැංකු ගිණුම් හරහා රුපියල් බිලියන 6ක මත්ද්‍රව්‍ය මුදල් බෙදාහැරි කාන්තාවක් අත්අඩංගුවට

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ කාන්තාවක් හා ඇය විසින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් පහක් හරහා බෙදාහැරි මත්ද්‍රව්‍ය මුදල් බිලියන 6ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

 

 


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ පසුගිය වසර 4 තුළ මෙම බැංකු ගිණුම් හරහා මෙම මුදල් සංසරණය වී ඇති අතර මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ විධිවිධාන යටතේ 41 හැවිරිදි දෙහිවල පදිංචිකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

 

 


පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ සැකකාරියගේ බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු බලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇති බවයි.

views

940 Views

Comments

arrow-up