බිළිඳිය උපන් හැටියේ වළ දැමුවත් දිවි බේරෙයි - නරුම මව අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

බිළිඳිය උපන් හැටියේ වළ දැමුවත් දිවි බේරෙයි - නරුම මව අත්අඩංගුවට

බිළිඳිය උපන් හැටියේ වළ දැමුවත් දිවි බේරෙයි - නරුම මව අත්අඩංගුවට

යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේ කාන්තාවක් බිහිකළ තම බිලිඳිය පණපිටින් වල දමා තිබියදී  බේරාගත් බව චාවකච්චේරි පොලිසිය පවසයි.

 

ගොඩගැනුණු බිළිඳිය දැනට යාපනය රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලිසිය කියයි.

 

චාවකච්චේරිය, මට්ටුවිල් ප්‍රදේශයේ කාන්තාවක් විසින් ප්‍රසූත කරන ලද බිළිඳියක් නිවස පසුපස පණ පිටින් වළ දමා ඇති බවට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය විසින් පොලිසියට කළ දැනුම් දීමක් මත චාවකච්චේරි පොලිසියේ කණ්ඩායමක් පැමිණ බිළිඳිය ගොඩ ගෙන තිබේ.

 

ගොඩ ගැනුණු බිළිඳිය හුස්ම ගන්නා බව තහවුරු වීමෙන් පසු පොලිසිය වහාම ඇයව චාවකච්චේරි රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරුව යාපනය රෝහලට මාරු කර යවා ඇත.

 

බේරාගත් බිලිඳිය යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

 

බිලිදිය උපන් හැටියේ පණ පිටින් වළ දැමීම සම්බන්ධයෙන් ඇගේ මව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයද පොලිස් ආරක්ෂාව යටතේ චාවකච්චේරි රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.

views

934 Views

Comments

arrow-up